Friday, April 26, 2024

General line - 0115112241

ට්‍රම්ප් – පුටින් හවුල ගැන බුද්ධි වාර්තාවක් එළියට




අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගැනීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියාවේ සහාය ලැබී ඇතැයි එෆ්.බී.අයි. සහ සී.අයි.ඒ. ඇතුළු අමෙරිකානු බුද්ධි සේවා තහවුරු කර තිඛෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට රුසියානු සහාය ලැබුණු බවට විවිධ රාවයන් පැවතියත් බුද්ධි වාර්තාවක් මගින් ඒ බව තහවුරු වූ  පළමු අවස්ථාව ද මෙයයි. අදාළ වාර්තාව පිටු 25කින් සමන්විත වනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සඳහා කටයුතු කරන්නැයි රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි එහි විස්තර කර ඇත්තේ. මෙම වාර්තාව එළිදැක්වීමට පෙර අමෙරිකානු ඔත්තු සේවා ප්‍රධානියා ඩොනල්ඩ් ට්‍රම්ප් ද මුණගැසී තිඛෙනවා.

කෙසේ වෙතත් ඔහු අදාළ වාර්තාව භාර දී ඇත්තේ තවත් දින කිහිපයකින් ජනාධිපති ධුරයෙන් නික්ම යන බැරක් ඔබාමාටයි.