Thursday, May 2, 2024

General line - 0115112241

ජනපතිගේ නිළ නිවසට හොරෙන් ඇතුළු වූයේ හිටපු නගර සභා මන්ත්‍රීවරයෙක්!




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ කළ පුද්ගලයෙකු ජනාධිපති ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. 

අද උදෑසන 9.30ට පමණ එම පුද්ගලයා ජනපති නිල නිවසට ඇතුළු වීමට උත්සහා දරා ඇත්තේ තමන්ට රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය බව පවසමින්. 

ධනුක විශ්වජිත් නමැති සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ 2011 වසරේ සිර 2016 වසර දක්වා කාලය තුළ තමන් කෝට්ටේ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි. 

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු කුරුඳුවත්ත පොලිසියට භාර දී තිඛෙනවා.