Friday, April 26, 2024

General line - 0115112241

"රටේ වෛද්‍ය හිඟයට විසඳුම රජයේ වෛද්‍ය පීඨයි"




රටේ ඇති වෛද්‍ය හිඟය පිරවීමට රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රමාණවත් බවත් අවශ්‍ය වන්නේ නිසි වැඩපිළිවෙලක් බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් පවසනවා.

එහි ලේකම් විභාෂ්වින් රවිහංස සේනාතිලක මේ බව සඳහන් කළේ නෙත් එෆ් එම් රේඩියෝවේ දැන් විකාශය වෙමින් ඇති අන්ලිමිටඩ් සාකච්ඡාවට එක්වෙමින්.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනින් අද (21) සාකච්ඡා කෙරෙන්නේ සයිටම් අර්බුදය පිළිබඳවයි.