Friday, April 26, 2024

General line - 0115112241

දඹුල්ලේ එළවලූ මිල පහතට - ගොවි අස්වනු අලීන්ට (PHOTOS)




දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල වැඩි වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් එළවළු මිල ශීඝ‍්‍රයෙන් පහළ ගොස් ඇති බව වාර්තා වනවා.

නෙත් නිවුස් දඹුල්ල වාර්තාකරු පැවසුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ මේ වනවිට ගෝවා කිලෝග‍්‍රෑම් එකක් අලෙවි වන්නේ රුපියල් 14 ත් විස්සත් අතර මිලකට බවයි. 

ලීක්ස් කිලෝ එකක් රුපියල් විස්සක් වැනි මිලකටත්, කැරට් කිලෝවක් රුපියල් 15කට හා වම්බටු කිලෝග‍්‍රෑම් එකක් රුපියල් පහත් 15ත් අතර මිලකට අලෙවි වනවා. 

පවතින තත්වය හමුවේ අද දිනයේ එළවළු තොග දිගම්පතහ රක්ෂිතයට ගෙන ගොස් දමා ඇති අතර ඒවා වන අලින්ගේ ආහාර බවට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.