Friday, April 26, 2024

General line - 0115112241

මිල පාලනය නිසා බාල පරිප්පු වෙළෙඳපොළට




මිල පාලනය හේතුවෙන් තත්ත්වයෙන් බාල අත්‍යවශ්‍ය ආහාර ඇතුලු භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් ඇතැයි සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති බන්දුල ජයමාන්න මහතා ප‍්‍රකාශ කළේ වැඩිම අවදානමක් ඇත්තේ බාල පරිප්පු වෙළෙඳපොළට පැමිණීම බවයි.

මිල පාලනයක් සිදුකළ ද එම මිලට ඇතැම් භාණ්ඩ අලෙවි කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.

මේ හේතුවෙන් ව්‍යාපාරිකයින් දැඩි අර්බුදයකට මුහුණපා ඇති බවද සභාපතිවරයා පෙන්වා දුන්නා.

හාල්මැස්සන් සහ පරිප්පුවලට අමතරව සීනි හා කඩලවලටද මිල පාලනයක් පැනවීම ගැටලු සහගත බවයි බන්දුල ජයමාන්න මහතා පැවසුවේ.

කෑගල්ල කොටියාකුඹුර ප‍්‍රදේශයේ පැවති මාධ්‍යහමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

රජය ඉකුත් දා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16කට මිල පාලනයක් පැනවූවා. ඒ අනුව රතු පරිප්පු කිලෝග‍්‍රෑම් 1ක පාලන මිල රුපියල් 169ක්. තායි හාල්මැස්සන් සඳහා රුපියල් 495ක පාලන මිලක් පැනවූවා.

සීනි කිලෝග‍්‍රෑම් 1ක පාලන මිල රුපියල් 95ක්. කඩල සඳහා රුපියල් 260ක පාලන මිලක් ද පැනවූවා.