Thursday, May 2, 2024

General line - 0115112241

තරංග සහ කුසල්ගෙන් ශතක සබඳතාවක්




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36 නිමා වන විට කඩුලූ දෙකක් දැවී ලකුණු 210 ලබා සිටියා. 

උපුල් තරංග ලකුණු 65 කට දැවී ගියා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 100 යි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දනුෂ්ක ගුණතිලක ලකුණු නවයකට දැවී ගියා. 

ඉන් අනතුරුව පිටියේ එක් වූ උපුල් තරංග  සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සබඳතාවක් ගොඩනැගුවා. 

තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි.