Thursday, May 2, 2024

General line - 0115112241

මාස 03ක් ඊජිප්තුවේ හදිසි නීතිය ක‍්‍රියාත්මක වෙයි




මාස 03ක කාලයක් සඳහා ඊජිප්තුව තුළ හදිසි නීතිය ක‍්‍රියාත්මක කර තබෙනවා. 

ඒ ඉකුත්දා කොප්ටික් කිතුණු දේවස්ථාන 02කට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයත් සමගයි. 

එරට ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසී විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

එල්ල වූ මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 04 ක් ඇතුළු 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 

ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ.