Friday, April 26, 2024

General line - 0115112241

රෝගීව සිටින ක්‍රීඩා මාධ්‍යවේදී හසිත ගැන "නෙත්" අනාවරණයෙන් ක්‍රීඩා ඇමතිගේ නෙත් යොමු වෙයි




හදිසි අනතුරකට ලක්ව රෝගාතුර වී සිටින ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අද (11) මුදල් ප්‍රදානයක් සිදු කළා.

හසිත අකලංකගේ පිළියන්දල පිහිටි නිවසට පැමිණි ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුගේ සුවදුක් විමසා බැලුවා.

හසිත අකලංක හදිසි අනතුරකට ලක්ව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින ගණනවක් ප්‍රතිකාර ලැබූ අතර එ් පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට  නෙත් නිවුස් කටයුතු කළා.

ඉන් අනතුරුවයි ක්‍රීඩා අමාත්‍යවරයා ඔහු පිළිබද තොරතුරු විමසා සිය අවධානය යොමු කළේ.

(වීඩියෝව පහතින් දැක්වෙයි)