Wednesday, May 8, 2024

General line - 0115112241

ප‍්‍රංශයේ පැරිස් නුවර යළිත් ත‍්‍රස්ත ක‍්‍රියාවක් (PHOTOS)




ප‍්‍රංශයේ පැරිස් නුවර සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තිබෙනවා. 

තවත් දෙදෙනෙකු මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බවයි 

බී බී සී ලෝක සේවය පවසන්නේ. තුවක්කුකරු පලා යාමට උත්සහ කිරීමේදී ආරක්ෂක හමුදාවන් කළ වෙඩි තැබීමකින් මිය ගොස් තිබෙනවා. 

ප‍්‍රංශ රජය පැවසුවේ මෙම වෙඩි තැබීම ත‍්‍රස්ත ක‍්‍රියාවක් යැයි විශ්වාස කරන බවයි. 

සිය සාමාජිකයෙකු මෙම වෙඩි තැබීම සිදු කළ බව අයි එස් සංවිධානය දැනටමත් පිළිගෙන තිබෙනවා.