Thursday, May 2, 2024

General line - 0115112241

‘‘ට‍්‍රැවල් නෙත්" හෙට ඇරඹෙයි




නෙත් එෆ් එම් රේඩියෝව ‘‘ට‍්‍රැවල් නෙත් - දඹදිව චාරිකා‘‘නමින් තවත් ව්‍යාපෘතියක් හෙට (22) ආරම්භ කරනවා.

ඒ, වඩාත් සුරක්ෂිතව විශ්වසනීය ලෙස සහ වන්දමාන සඳහා ප‍්‍රමුඛත්වය ලබා දෙමින් සැදහැ සිතින් දඹදිව චාරිකාවේ යෙදීමේ අවස්ථාව ශ‍්‍රී ලාංකික සැදහැවතුන්ට උදා කර දෙමින්.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අදාළ පළමු ප‍්‍රචාරක පත‍්‍රිකාව ඉකුත්දා පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන්ට පිළිගැන්වුණා.

එහිදී පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් පෙන්වා දුන්නේ මෙම වැඩසටහන් පෙළ හරහා මෙරටේ සැදැහැවතුන් රැසකට බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා ගැනීමේ අවස්ථාව වඩාත් ආරක්ෂාකාරී ලෙස සැළසෙන බවයි.

ට‍්‍රැවල් නෙත් ආයතනය සමග එක්ව දඹදිව චාරිකා සඳහා පිටත්ව යාමට ඔබටද දැන් දින වෙන්කර ගත හැකියි. ඒ පිළිබඳ වැඩි විස්තර බත්තරමුල්ල අංක 108/1 ස්ථානයේ පිහිටි ට‍්‍රැවල් නෙත් ප‍්‍රධාන කාර්යාලයෙන් ද ලබාගත හැකි වනවා.