Thursday, May 2, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වෙයි - නව ඇමති මණ්ඩලය මෙන්න




කැබිනට් මණ්ඩල සංශෝධනය මේ වනවිට සිදු කර අවසන් කර තිබෙනවා. ඒ අනුව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරය මංගල සමරවීරට හිමිව ඇති අතර, විදේශ කටයුතු අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ රවී කරුණානායකටයි. 

වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස මහින්ද සමරසිංහ පත්කර ඇති අතර ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ ගයන්ත කරුණාතිලකයි. 

අර්ජුන රණතුංග, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. තිලක් මාරපන සංවර්ධන උපාය මාර්ග අමාත්‍යවරයා ලෙස පත්කර ඇති අතර චන්දිම වීරක්කොඩි වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි පත්කර ඇත්තේ. 

මීට අමතරව එස් බී දිසානායක සමාජ සුභසාධන හා මහනුවර උරුමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. 

ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න කම්කරු හා වෘත්තීය සමිති අමාත්‍ය ධුරයට අමතරව සබරගමුව සංවර්ධන අමාත්‍ය ධුරයද පිරිනමා තිබෙනවා. 

එමෙන්ම මහින්ද අමරවීරට ධීවර අමාත්‍යංශයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය ද පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.