Friday, April 26, 2024

General line - 0115112241

චාලි ඔස්ටින්ට හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකුගෙනුත් චෝදනා

කසුන් කැලුම්




කතා බහට ලක්ව ඇති චාලි ඔස්ටින් නමැති ක්‍රීකට් ක්‍රීඩකයින් රැසකගේ පෞද්ගලික කළමනාකරු තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරය දරණ සමයේදීත් කණ්ඩායම තේරීමේදී බලපෑම් එල්ල කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. 

Neth Sportsman  තුළින් අද (22) විමසා බැලෙන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් සහ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳ දැක්වූ අදහසයි.

එහිදී පාර්ලිමේන්තු  මන්ත්‍රී ගාමිණී ලොකුගේ පැවසුවේ,

ඒ කාලේ ඔහොම ප්‍රශ්ණයක් කවදාවත් දකින්න ලැබුණේ නෑ. ඒ කාලේ අයි.පී.එල්. තරග වලට ලන්සුවක් තිබ්බම ඒ ලන්සුව වැඩි කර ගන්නේ ඒ කළමනාකරුවෝ කණ්ඩායම් වලට ගිහිල්ල ක්‍රීඩකයන්ගේ වටිනකම පෙන්නලා ක්‍රීඩකයන්ට වැඩි මුදලක් අරන් දෙන්න. ඉතින් එකේ කිසි වැරද්දක් නෑ මම දන්න තරමට නම්. එහෙම බලපෑමක් කරන්න බෑනේ තේරීම් කමිටුව කෙලින් කටයුතු කරනවා නම්. 

එහිදී පාර්ලිමේන්තු  මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ,

ඔය පුද්ගලයා විසින් ක්‍රීඩකයන්ට බලපෑම් කළා. යම් යම් කටයුතු කළා. ඒ වගේම ජේෂ්ඨ ක්‍රීඩකයන් බලපෑම් කළා ඔහුව කළමනාකරු හැටියට තියාගන්න කියලා. ඒ අනුව ක්‍රීඩකයන්ගේ විශාල පාලනයක් කරන්න ඔහු උත්සාහ කළා. අපේ පාලන කාලයේදී අපි එක සම්පුර්ණයෙන්ම නතර කරන්න උපදෙස් දුන්නා. දැන් ඉතින් අපිට ඒ ගැන කතා කරන්න බෑ. මගේ අවදියේදී අපි කරන්න පුළුවන් සියළු ජයග්‍රහණ ලැබුවා.

එම සම්පුර්ණ සංවාදය පහතින්.