Thursday, May 2, 2024

General line - 0115112241

යාපනයේදී විනිසුරු ආරක්ෂක පොලිස් නිලධාරියා වෙඩි තබා ඝාතනය කළ ප්‍රධාන සැකකරුගේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි (PHOTOS)




යාපනය මහාධිකරණ විනිසුරු වෙත ආරක්ෂාව සපයමින් සිටි පොලිස් නිළධාරියෙකු වෙඩි තබා ඝාතනය කළ ප‍්‍රධාන සැකකරු අගෝස්තු 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහේස්ත‍්‍රාත් එස්. සදීශ්කරන් ඊයේ (25) සවස නියෝග කළා.

යාපනය පොලිස් නිළධාරීන් පැවසූවේ සැකකරු සිය සහෝදරයෙකු සමග පැමිණ පොලිසිය වෙත භාරවීමෙන් අනතුරුව මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ බවයි.

ශිවරාසා ජයන්තන් නමැති 39 හැවිරිදි සැකකරු පුනරුත්තාපනය ලැබු හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයෙකු වන අතර, සැකකරු 1994 වසරේදී වයස අවුරුදු 16 දි ඔහු එල්.ටි.ටි.ඊ සංවිධානය වෙත එක්ව ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවද යාපනය ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.

2012 වසරේ සිදුවු මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව චෝදනා පවතින අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත නිදහස් කොට සිටි බැව්ද පොලිසිය පැවසුවා.

සැකකරු සිදුකළ වෙඩි තැබීම හේතුවෙන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර ජිවිතක්ෂයට පත්වු අතර, තවත් පොලිස් කොස්තාපල්වරයෙකුද තුවාල ලැබුවා.

(අදාළ ප්‍රධාන සැකකරුගේ ඡායාරූප පහතින් දැක්වෙයි)