Thursday, May 2, 2024

General line - 0115112241

ඉනිමක පරාජයෙන් බේරෙන්න නම් හෙට 230ක ඉලක්කයක් (UPDATE)




ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී ඉණිමක පරාජයෙන් බේරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තියුුණු සටනක නිරත වී සිටිනවා. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉණිම ආරම්භ කළේ ඉන්දියාවට වඩා ලකුණු 439ක් පිටුපසින් සිටිමින්. අද තරගය නතර කරන විට ඔවුන් කඩුලූ 02ක් දැවී ලකුණු 209ක් රැස්කර ගෙන සිටියා. කුසල් මෙන්ඩිස් ලකුණු 110යි. මෙය ටෙස්ට් ක‍්‍රිකට් තරගවල දී ඔහු විසින් රැස් කරගත් 03 වන ශතකය වනවා. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 92යි. මේ අනුව ඉණිමක පරාජයෙන් බේරීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 230ක් රැස්කර ගත යුතු වනවා. හෙට මෙම තරගයේ 04 වන දිනයයි.

තරගය කොළඹ එස් එස් සී ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. 
 

.......................................................

ශ‍්‍රී ලංකාව දෙවන ඉණිම අරඹයි -  439ක් පිටුපසින්

..................................................

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙ, ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පිට පිටම දෙවන ඉණිම සඳහා පන්දුවට පහර දීම ආරම්භ කර තිබෙනවා. 

ඒ, පළමු ඉණිමේ දී ලකුණු 183කට දැවී යාම හේතුවෙන්. ඉන්දීය කණ්ඩායම පළමු ඉණිම වෙනුවෙන් කඩුලු 09ක් දැවී ලකුණු 622ක් රැස් කළා. 

ඒ අනුව, ශ‍්‍රී ලංකාව සිය දෙව ඉණිම ආරම්භ කළේ ඉන්දීය පළමු ඉණිමට වඩා ලකුණු 439ක් පිටුපසින් සිටයි. 

මීට සුළු වේලාවකට පෙර ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කිසිවෙකු නොදැවී ලකුණු 04ක් ලෙසයි. 

------------------------------

ශ්‍රී ලංකා පිළේ සියල්ලන් දැවේ - ලකුණු 183යි (05-08-2017 /12:50)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ තුන්වන දිනය අදයි. 

සිය පළමු ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉණිම මීට නොබෝ වේලාවලකට පෙර ලකුණු 183කට සීමා වුණා.  

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප‍්‍රමාණයක් රැස් කළේ නිරෝෂන් දික්වැල්ලයි. 

ඔහු ලකුණු 51කට දැවී ගියා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 26ක් රැස් කළ අතර දිල්රුවන් පෙරේරා ලකුණු 25කට දැවී ගියා. 

ඒ අනුව, ඉන්දීය කණ්ඩායම පළමු ඉණිමේදී ශ‍්‍රී ලංකාවට වඩා ලකුණු 439ක් ඉදිරියෙන් සිටිනවා. 

මේ අතර පාදයේ ආබාදයකට ලක්ව සිටින නුවන් ප‍්‍රදීප්ට සති දෙකක කාලයක් පන්දු යැවීමට නොහැකි වනු ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ. 

 -------------------------------------

ශ‍්‍රී ලංකා - ඉන්දියා ඉනිම යළි ඇරඹේ (05-08-2017 / 08:21) 

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ  තුන්වන දිනය අදයි

ඊයේ දිනයේ තරගය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 50 ක් ලබා සිටියා. 

උපුල් තරංග එහිදී ලකුණු නොලබා දැවී ගිය අතර දිමුත් කරුණාරත්න ලකුණු 25ක් ලබා ගත්තා. 

එම කඩුලු දෙකම බිඳ හෙලුවේ රවිචන්ද්‍රන් අශ්වින් විසින්. 

නොදැවී ක්‍රීඩා කරන්නේ කුසල් මෙන්ඩිස් සහ නායක දිනේෂ් චන්දිමාල්. 

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 622ක් රැස් කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.