Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා රග්බි පොඩ්ඩෝ ඓතිහාසික කඩඉමකට ළං වේ




හොංකොංහිදී පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු රග්බි තරගාවලියේ කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම අද (05) උදෑසන සමත් වුණා.

ඒ  දකුණු කොරියාව ලකුණු 33 - 05 ක් ලෙස පරාජය කරමින්.

චීන තායිපේ කණ්ඩායම පරාජය කිරීමට ද ශ්‍රී ලංකාව අද සමත් වුණා. 

ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 28 - 14 ක් ලෙසයි. 

ශ්‍රී ලංකාව තරග වදින කුසලාන අවසන් තරගය සත්කාරක හොංකොං කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා. 

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03.00ට Park Stadium හිදි ආරම්භ වීමට නියමිතයි.

පසුගිය වසරේ පැවති යොවුන් ආසියානු රග්බි තරගාවලියේදී අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.