Friday, April 26, 2024

General line - 0115112241

පිළිස්සුම් තුවාල ලැබූ ගීතා බලන්න මහින්දත් යයි




පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් අද (02) පස්වරුවේ සහභාගී වුණා. 

සිය නිවසේ ගෑස් සිලින්ඩරයට සම්බන්ධ නලයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් ගීතා කුමාරසිංහ බරපතල තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා. 

මන්ත‍්‍රීවරිය තවදුරටත් එහි දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි ඇයගේ පවුලේ ඥාතීන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.