Thursday, May 2, 2024

General line - 0115112241

අත්තනගලු ඔයෙන් මහා ගං වතුර තත්ත්වයක්!




අධික වැසි හේතුවෙන් අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපකයේ ජල මට්ටම මහා ගංවතුර මට්ටමට පැමිණ තිබෙනවා. විමසිළිමත්ව සිටින්නැයි ජනතාවට උපදෙස්.

මේ වනවිටත් ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගලූ ඔය අසබඩ රුක්ගහවිල, වාරන හා අවට ප‍්‍රදේශවල මාර්ග ජලයෙන් යටව පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජල මට්ටම තවදුරටත් ඉහළ ගියහොත් ගම්පහ ජා-ඇළ මාර්ගයේ කිරිඳිවිට, අකරවිට හා මාකේවිට යන ප‍්‍රදේශවල ප‍්‍රධාන මාර්ග ජලයෙන් යටවිය හැකියි. මීට අමතරව ගම්පහ මිනුවන්ගොඩ පාර හා ගම්පහ නගරය අවට ඉහළගම, මැදගම හා පහළගම යන ප‍්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ද මතුව තිබෙනවා. 

මේ හේතුවෙන් පවතින තත්ත්වය පිළිබඳ අවට ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. 


මේ අතර දිවයින හරහා පවතින සුළං ප‍්‍රවාහයේ වෙනස්වීමක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ද දිවයිනේ නිරිතදිග ප‍්‍රදේශයට තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. 
 

මීට දින කිහිපයකට පෙරද අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් ගං වතුර තත්වයක් ඇති වුණා.