Friday, April 26, 2024

General line - 0115112241

නව ක්‍රිකට් තේරීම් කමිටුව නම් කෙරේ - පළමු අභියෝගය හොඳම 15 තේරීම




ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වන ග්‍රැහැම් ලැබ්‍රෝයි පුරප්පාඩුව පවතින තේරීම් කමිටුවේ නව සභාපති ධුරයට නම් කෙරුණා.

අනෙක් නව සාමාජිකයන් අතරට අසංක ගුරුසිංහ, ගාමිණි වික්‍රමසිංහ සහ ජෙරි වවුටස් ඇතුළත්.

එළබෙන පාකිස්තානු සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක සංචිතය තෝරා ගැනීම ඔවුන්ට පැවරෙන පළමු රාජකාරිය වනවා. මේ වන විට ඒ සඳහා ක්‍රීඩකයින් 25 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඉන් 15 දෙනෙකු තෝරා ගැනීම මෙම නව නිලධාරී මණ්ඩලයට පැවරී තිබෙනවා.

සනත් ජයසූරිය ප්‍රමුඛ හිටපු තේරීම් කමිටුව ඉල්ලා අස්වීමෙන් පසු මෙම පුරප්පාඩුව ඇති වී තිබුණා.

හිටපු තේරීම් කමිටුවේ සාමාජිකයන් වුණේ සභාපති සනත් ජයසූරිය, සාමාජිකයින් වන රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන අයයි.