Thursday, May 2, 2024

General line - 0115112241

වර්ජනය අස්සේ විදුලිය සැපයූ සේවකයන්ට ස්තූතිය - වර්ජනය කළ විදුලි සේවකයන් නිසා ලැබෙන වැටුප් වර්ධකයත් කියයි




දින 07ක් පුරා සිදු කෙරුණුු විදුලි සේවක වැඩවර්ජනය අවස්ථාවේදී අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට සහය වූ සැමට ස්තූතිය පළ කරන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අදාළ වැඩවර්ජනය අවසන් කරන බවට වෘත්තිය සමිති ඊයේ (20) පස්වරුවේ නිවේදනය කිරීමෙන් අනතුරුවයි. 

වැටුප් ගැටලු ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලි සේවක වාත්තිය සමිති මෙම වැඩවර්ජනය කැඳවා තිබුණා.

වැඩවර්ජනය අවසන් කෙරුණේ විදුලි සේවකයන්ට වැටුප් වර්ධක ලබා දීම සඳහා එළඹි එකඟතාවකින් පසුවයි.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා. 

"ඉස්සෙල්ලාම සේවකයෙක් බැඳෙන්නේ අර්ධ පුහුණු කම්කරු කාණ්ඩය යටතේ..ඒ පිරිසගේ 8% ක් වැඩි වෙනවා. වසර කිහිපයක් ගියාම..ඔවුන් ඉහළට යනවා..විදුලි අධිකාරීවරුන් ලෙස. එතනින් එහාට ඉන්නේ ඉංජිනේරු සේවය...ඉතින් මේ පරාසයන් තීන්දු කරාට පස්සේ අපි ඒ මුදල වැටුපට එකතු කරලා දෙනවා."