Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පාකිස්ථාන එක්දින තරගාවලිය හෙට ඇරඹේ!




ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග 05කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (13) ආරම්භ වනවා. දෙරට අතර පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ දිවා රාත‍්‍රී තරගයක් ලෙසයි. ඒ, අබුඩාබිහි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ දීයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 4.30 තරගය ඇරඹීමට නියමිතය. 

දෙපිළේම ක‍්‍රිඩකයන් අද දිනයේ සිය අවසන් පුහුණුවීම්වල නිරත වූ බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙනුවෙන් තරගාවලිය ආවරණ කරන නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු කසුන් කැලූම් කුමාර පැවසුවේ.