Friday, April 26, 2024

General line - 0115112241

දිවයින වටා මුහුදේ සුළං වර්ධනයක්




දිවයින වටා සහ බෙංගා බොක්ක මුහුදු කලාපයේ  සුළං තත්ත්වයේ වර්ධනයක් හෙට සවස් කාලෙ සිට වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් දිවයින වටා මුහුද තරමක රළු වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ හකොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්වෙන් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රවශවල විටින් විට වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල  තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ප්‍රවනතාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම අවස්ථාවේ දී මුහුදේ සුළං වේගය පැයට කිලෝ මීටර 50ත් 60ත් අතර විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර කුකුලේ ග ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිඛෙනවා. පහත්බිම්වල ජීවත් වන ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. එහි සහකාර අධ්‍යක‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ රත්නපුර ඇහැළියගොඩ ප්‍රදේශීය ලේකම්  කොට්ඨාසයේ ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

ඒ දැනටමත් ඇහැළියගොඩ ප්‍රදේශයට මිලිමීටර 100 ඉක්මවූ වර්ෂා පතනයක් ලැබි ඇති බවයි ඔහු කියා සිටියේ.

පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද පවසන්නේ. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් සියයක පමණ තද වැසි ද අපේක්ෂා කෙරෙනවා. බස්නාහිර, දකුණ, වයඹ, උතුර හා සබරගමුව යන පළාත් ඒ අතරට අයත්.