Thursday, May 2, 2024

General line - 0115112241

ලොවපුරා හින්දු බැතිමතුන් දීපාවලි සමරයි - ජනපතිගෙන් සුබපැතුම්




ලෝක වාසි හින්දු බැතිමතුන් ස්වකීය ආගමික මග පෙන්වීම මත යහපත හා අවිද්‍යාව නම් අන්ධකරය දුරුකර නුවන නමැති පහන දල්වා තම හදවතත් , නිවසත් , කෝවිලත් ආලෝකමත් කරමින් සමරන දීපාවලි උත්සවයට සුබ පැතීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ .


අදට (18) යෙදි තිබෙන දීපවාලි උත්සවය වෙන්නුවෙන් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා සුබ පැතුම් පණිවුඩයක් මගින් මේ පිළිබඳව කියා සිටියා.

මේ අතර අයහපත නැමැති අන්ධකාරයෙන් මිදි ප්‍රඥාලෝකය දල්වාලීම නිමිති කොටගෙන  ක්‍රෝධය  දුරලා සෙනෙහස නම් පහන දල්වා සියළු දෙනා එකාමෙන් ජීවත්වීමේ වාතාවරණය උදාවේවායි අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා සිය දීපවාලි සුබ පැතුම් පණිවුඩය මගින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ද දීපවාලි සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ආලෝකය මිනිසාගේ සිත් තුළ මුල් බැස තිබෙන කෝපය, වෛරය  උඩඟුබව ,ඊර්ෂියාව හා අනෙකුත් නරක චේතනාවන් සිත්තුළින් දුරු වී යනු ඇතැයි විශ්වාස කරන බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.