Friday, April 26, 2024

General line - 0115112241

ඊයේ රෑ වවුනියාවේ හයදෙනෙක් කඩු ගාලා! වෙළඳ සැලකටත් හානි

මාධව කුලසූරිය - වවුනියාව




යතුරුපැදිවලින් පැමිණි පිරිසක් ඊයේ (19) රාත‍්‍රියේ වවුනියාව පණ්ඩාරිකුලම ප‍්‍රදේශයේ වෙළඳසැළක් කඩා වැදී පුද්ගලයින් දෙදෙනෙකු කඩුවලින් කපා දමා ඇති බව වවුනියාව පොලිසිය පවසනවා. රාත‍්‍රි 7.45 ට පමණ මෙය සිදුවි ඇති අතරල අදාළ කණ්ඩායම වෙළඳ සැල් වෙත දැඩි අලාභ හානි සිදුකොට ඇති බවද පොලිසිය පැවසීය.

කඩු රැගෙන පැමිණි හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අදාළ පහරදීම් සිදුකොට ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබෙනවා. පොලිසිය පැවසූවේ අදාළ සිදුවීමට අමතරව වවුනියාව කට්පහපුරම් ප‍්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර සිදුවු ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු කපා දමා ඇති බවයි.

අදාළ සිදුවීමෙන් කැපුම් තුවාල ලැබු පුද්ගලයින් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ සිද්ධීන්ට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවයි.