Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්ථානය පහසු ජයක් ලබද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පොත අඳුරු වෙයි (UPDATE)

කසුන් කැලුම් - සාජා සිට




සාජා කී‍්‍රඩාංගණයේ අද (23) පැවැති පස්වන සහ අවසන් එක්දින කිි‍්‍රකට් තරගයේ පහසු ජයක් හිමි කර ගැනීමට පාකිස්ථානය මීට සුථ මොහොතකට පෙර සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා පිලේ සියලු දෙනා දැවි රැස් කළ ලකුණු 103 ට පිළිතුරු වශයෙන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 105ක් රැස් කරමින්.

මේත් සමගින් වසරක් තුළ තරග 5කින් සමන්විත එක්දින තරගාවලි 3ක් පූර්ණ ලෙස පරාජයට පත් පළමු කණ්ඩායම ලෙස ශී‍්‍ර ලංකාව අද (23) අවසනාවන්ත ලෙස වාර්තා පොත් අතරට එක් වුණා.

ශී‍්‍ර ලංකාව මේ වන විට දකුණු අපි‍්‍රකාව, ඉන්දියා සහ පාකිස්තානය හමුවේ තරග 5කින් සමන්විත එක්දින තරගාවලි පූර්ණ ලෙස පරාජයට පත් වී තිබෙනවා.

-------------------------------------

ශී‍්‍ර ලංකා සියලු ක්‍රීඩකයන් අවාසනාවන්ත ලෙස දැවී යයි (UPDATE)

(23-10-2017 17:40)

සාජා කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින කිි‍්‍රකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 103කට සීමා කිිරීමට පාකිස්ථානු පන්දු යවන්නන් අද (23) සමත් වුණා.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් සියලු දෙනා  කී‍්‍රඩා කළේ පන්දුවාර 26 යි පන්දු 2ක් පමණයි.

සදීර සමරවික‍්‍රම, දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවීගියා.

යොවුන් කී‍්‍රඩක උස්මන් ඛාන් ලකුණු 34කට කඩුලු 5ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.

-----------------------

තරගය ඇරඹී සුළු මොහොතක් තුළ සිදුවූ දේ (UPDATE)

(23-10-2017 15:56)

සාජා කී‍්‍රඩාංගණයේ දැන් පැවැත්වෙන පස්වන එක්දින කි‍්‍රකට් තරගයේදී ශී‍්‍ර ලංකා පිළේ ආරම්භයම අන්ත අසරණ තත්වයකට පත් කිරීමට පාකිස්ථානු වේග පන්දු යවන කී‍්‍රඩක උස්මන් ඛාන් සමත් වුණා.

ශී‍්‍ර ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ඔහු බිද හෙලූවේ ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව ලකුණු 8ක්ව තිබියදීයි.

උස්මන් ඛාන් පළමු පන්දුවාරයේදී සදීර සමරවික‍්‍රම සහ දිනේෂ් චන්දිමාල් දවා ගැනීමට සමත් වුණා. ඔවුන් දෙදෙනාම දැවී ගියේ ලකුණු නොලබායි.

නිරෝෂන් දික්වැල්ලද උස්මන් ඛාන් යැවූ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියා. නායක උපුල් තරංග රැස් කළේ ලකුණු 8ක් පමණයි.

-----------------------------------

අද තරගයේදී ලංකාවෙන් වෙනස්කම් 03ක් (UPDATE)

(23-10-2017 15:16)

ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) තරගයට පිවිසෙන්නේ වෙනස්කම් 3ක් සමගයි.

අකිල ධනංජය, ලහිරු ගමගේ සහ සුරංග ලක්මාල් වෙනුවට ‍ජෙෆ්රේ වැන්ඩර්සේ, විශ්ව ප්‍රනාන්දු සහ චමීර දුෂමන්ත අද තරගයට කැඳවා තිබෙනවා.

සාජා ක්‍රීඩාංගනයේදී තරගය පැවැත් වෙනවා.

------------------------------------

කාසියේ වාසිය ලංකාවට - නායකයාගේ තීරණය මෙන්න (UPDATE)

(23-10-2017 15:02)

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර අද (23) පැවැත්වෙන පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසිය වාසිය මීට සුළු වේලාවකට පෙර දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා නායක උපුල් තරංග තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි.

------------------------------

පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර අවසන් එක්දින තරගය අද

(23-10-2017 07:57)

 

පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (23) පැවැත්වෙනවා.

, සාජා ක්‍රීඩාංගනයේදීයී.

5ට 0ක පූර්ණ තරගාවලි පරාජයකින් බේරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති අවසත් අවස්ථාවද මෙය වනවා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන්  අද (23) පස්වරු 3.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.

අද (23) තරගයේදී ශ්‍රී ලංකාව හා පාකිස්ථානය වෙනසකින් තොරව පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා පළවනවා.

 

එහෙත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ දිනේෂ් චන්දිමාල් වෙනුවට චාමර කපුගෙදර ක්‍රීඩා කිරීමේ හැකියාවක් ද පවතින බවයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ද පරාජයට පත්වුවහොත් 5ට බින්දුවක් ලෙස පූර්ණ තරගාවලි පරාජයකට පත්වනවා.

 

එසේ වුවහොත් ශ්‍රී ලංකාව මේ වසර තුළ පමණක් 5ට බින්දුවක් ලෙස පූර්ණ තරගාවලි පරාජයකට මුහුණදෙන තුන්වන අවස්ථාව මෙයයි.

 

පෙබරවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව හා සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවට එරෙහිව ද ශ්‍රී ලංකාව මීට පෙර 5ට බින්දුවක් ලෙස තරගාවලි පරාජයට පත්වුණා.