Friday, April 26, 2024

General line - 0115112241

සිංහයාගෙන් බේරුණු මොහොත.. මැරිලා පණ ආවා වගේ (VIDEO)




එංගලන්තයේ රග්බි ක්‍රීඩක ස්කොට් බැල්ඩ්වින්ට දකුණු අප්‍රිකානු සංචාරයේ දී මුහුණ දීමට සිදුවූ සිදුවීමක් පිළිබඳව මාධ්‍ය වෙත කරුණු කියා සිටියා.

දකුණු අප්‍රිකානු සංචාරයේ දී ඔහු එරට ගේම් පාර්ක් නම් සත්ව උද්‍යානය නැරඹීමට ගොස් තිබෙනවා.

ස්කොට් බැල්ඩ්වින් එහි සිටි සතුන් අසලට ගොස් හුරතල් කරන්නට වුණා.

සතුන් නරඹමින් සිටින අවස්ථාවේ දී ස්කොට් බැල්ඩ්වින් දෙස සිංහයෙකු අහිංසකව බලා සිට තිබෙනවා.

සෑණින් සිංහයා අසලට ගිය  රග්බි ක්‍රීඩකයා සිංහයාට ආහාර දී එම සිංහයා අතගාමින්  දී නොසිතු මොහොතක සිංහයා රග්බි ක්‍රීඩක ස්කොට් බැල්ඩ්වින්ගේ අත සපා කා තිබෙනවා.

ක්ෂණයක් සිංහයා සමග පොර බැන්ද ක්‍රීඩකයා තමන්ගේ දෑත අහිමි වූ බවයි එහිදී සිතා තිබෙන්නේ.

කෙසේ හෝ ඔහු සිංහයාගේ ග්‍රහණයෙන් මිදි තිබෙන්නේ ද ඉතාමත් අසීරුවෙන්. දකුණු අප්‍රිකාවේ දී ශල්‍ය කර්ම දෙකකට හා එංගලන්තයේ දී තවත් ශල්‍ය කර්මයකට ඔහු භාජනය කර තිබෙනවා.