Wednesday, May 8, 2024

General line - 0115112241

උතුරු කොරියාව රූපලාවණ්‍ය නිෂ්පාදන නිපදවීමට සැරසෙයි - කිම් ජෝන්ගේ නවතම සැලසුම මෙන්න




උතුරු කොරියානු ජනපති කිම් ජෝන් උන් ප්යොන්යැන්ග් නුවර පිහිටි රූපලාණ්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නිරීක්ෂණයකට සහභාගි වී තිබෙනවා.

එරට මාධ්‍ය මගින් මෙහි ඡායාරූප නිකුත් කර තිබුණු අතර එම ඡායාරූපවල ජනාධිපතිවරයා සමග සිටි ජනාධිපති ආර්යාවද දැකගත හැකියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව බලවත් රටවල් විසින් උතුරු කොරියාව වෙත පනවා ඇති සම්බාධක සමග එරට වෙත රූපලාවණ්‍ය නිෂ්පාදන ආනයනය ඉතා අඩු මට්ටමක පවතිනවා.

එම නිසා තමන්ගේම රූපලාවණ්‍ය නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උතුරු කොරියානු කටයුතු කළා විය හැකි බව මෙම ඡායාරූපවලින් අදහස් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.