Thursday, May 2, 2024

General line - 0115112241

බීර බද්ද ගැන නිවැරදි මතය මෙන්න

සජිත් තිලකරත්න /පසන් ද සිල්වා




අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අද (15) යි. ඊයේ පැවැති විවාදයේදී බඩු මිල සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවුණා.

අයවැය යෝජනා සකස් කර ඇත්තේ නිවැරදි දත්ත මත පදනම් වී බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පවසනවා. ඔහු මේ බව පැවසුවේ වැරදි දත්ත මත පදනම් වී ඇතැම් අයවැය යෝජනා සකස් කර ඇතැයි ඇතැම් පිරිස් කරන චෝදනාවලට නෙත් නිවුස් කළ විමසීමකදී පිළිතුරු ලබාදෙමින්. 
 
ඇතැම් අයවැය යෝජනා ඉදිරිපත් කර ඇත්තේ වැරදි දත්ත මත පදනම් වී බවට අදහස් පළකරන පිරිස් අතර අමාත්‍ය රාජිත සේනාරත්න ද වනවා. ඔහු පැවසුවේ බීර සඳහා බදු සහන ලබාදීමට අයවැයෙන් යෝජනා කර ඇත්තේ වැරදි දත්ත මත පදනම් වී බවයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න ඊට ද ප‍්‍රතිචාර දැක්වූවා. 

"මුදල් ඇමතිතුමා එදා ඒ මත්පැන් ගැන කතා කරනකොට කිව්වේ එක විශ්ව විද්‍යාලයක සමීක්ෂණයක් පදනම් කරගත් කතාවක්. එය නිවැරදිම නොවෙන්න පුළුවන්. නමුත් ඔහු එතනදි ඉදිරිපත් කළ මූලධර්මය වුණේ මත්පැන් භාවිතා කරන ප්‍රතිශතය තුල බදු අයකරනව ජාත්‍යන්තරව. අපි ඒ පදනම මත යනව කියන එකයි.