Thursday, April 25, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 165ක් රැස්කරයි




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයට අදත් අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වුණා. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තෙවන දිනයට අද තරගය නතර කරන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 165ක් ලබාගෙන සිටියා. ඒ ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 172කට පිළිතුරු වශයෙන්.

දිනය නිමා වන විට දිනේෂ් චන්දිමාල් ලකුණු 13ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 14ක් ලබාගනිමින් කඩුල්ලේ රැඳී සිටියා. ශ‍්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා. සධීර සමරවික‍්‍රම ලකුණු 23යි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 6ක් අතැතිව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 7ක් පිටුපසින් පසුවනවා. කොල්කටාහිදී පැවැත්වෙන තරගයේ සිව්වන දිනය හෙටයි.