Thursday, May 2, 2024

General line - 0115112241

වවුනියාවේ මුස්ලිම් පල්ලිය අසළ "අද උදේ" කඩ ගිනිගැනීම ගැන සැක පළ වේ (UPDATE) (VIDEO)

දිනසේන රතුගමගේ/මාධව කුලසූරිය -වවුනියාව




වවුනියාව, ජුම්මා මුස්ලිම් පල්ලිය අසළ වෙළඳසැල් පෙළක් අද (20) අලුයම හටගත් ගින්න පිළිබඳ විවිධ මත මේ වන විට පළ වෙමින් තිබෙනවා.

අදාළ වෙළඳසැල්වල ව්‍යාපාරිකයින් පවසන්නේ මෙම ගිනි තැබීම කිසියම් කලහකාරී පිරිසකගේ ක්‍රියාවක් බවයි.

තවත් පිරිසක් පෙන්වා දෙන්නේ ජුම්මා මුස්ලිම් පල්ලිය ආසන්නයෙන් මෙම වෙළඳසැල් ඉවත් කරන්නයැයි පවසා තිබියදී මෙවැනි ගින්නක් ඇතිවීම සැක ඇති කරන බවයි.

කෙසේවෙතත් ජුම්මා පල්ලියේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම වෙළඳසැල් පිහිටි ස්ථානය පල්ලියට අයත් එකක් නොවන බවයි.

අදාළ වෙළඳසැල් පිහිටා ඇත්තේ මාර්ගයට අදාළ කොටසක බවද සඳහන් කරනවා.

කෙසේවෙතත් ගින්න ඇතිවීම පිළිබඳව පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

(අදාළ සිද්ධිය සම්බන්ධ වීඩියෝව පහතින්)

----------------------------

අලුයම් කාලයේ වවුනියාවේ කඩ පෙළක් ගිනි ගනී (PHOTOS)

20-11-2017 05:39

වවුනියාව, ජුම්මා මුස්ලිම් පල්ලිය අසළ වෙළඳසැල් පෙළක් අද (20) අලුයම ගිනිගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් කඩ කාමර දෙකක් සම්පූර්ණයෙන් විනාශ වි ගොස් ඇති අතර, තවත් කඩ දෙකක් අර්ධ වශයෙන් පිළිස්සී ගොස් තිබෙනවා.

වවුනියාව පොලිසිය පැවසූවේ අදාළ ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි.

වවුනියාව නගර සභා ගිනි නිවීමේ රථ, පොලිස් ජල බවුසර හා ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ගින්න පාලනය කිරීමට හැකි වී තිබෙනවා.

අදාළ වෙළඳසැල් හිමියන් පැවසූවේ කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ගසා කඩ ගිනි තබා ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

පොලිසිය පැවසූවේ ගින්නට හේතුව සොයා පරීක්ෂණ සිදු කෙරෙන බවයි.

වෙළඳසැල් ගිනිගත් ස්ථානයට වවුනියාව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.කේ.මස්තාන් පැමිණ නිරීක්ෂණය කිරීමද සිදුකරනු ලැබුවා.