Saturday, April 27, 2024

General line - 0115112241

"මම අපරාධකරුවෙක් නොවේ.. උසාවියේ තීන්දුව මම පිළිගන්නේ නැහැ! - ජාත්‍යන්තර අධිකරණ භූමියකදී සියල්ලෝම බලා සිටියදී හමුදා නායකයෙක් වසබොයි




යුද අපරාධකරුවකු යැයි චෝදනා ලැබ සිටි බොස්නියා ක්‍රෝට් ජාතික 72 හැවිරිදි සොලොබොඩාන් පර්ජැක් නම් අයෙක් සම්බන්ධ නඩු විභාගයක් අතරතුරදී චෝදනාකරු වස පානය කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ නෙදර්ලන්තයේ - හේග් නුවර, ජගත් අපරාධ අධිකරණ භූමියෙන්.

අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටියදී, මෙම පුද්ගලයා ඔහුට වෙන් කළ කුඩා වතුර බෝතලය පානය කරන අතර, එහි වස මුසුකොට තිබූ බවට පසුව තහවුරු වී තිබෙනවා.

මොහු වස පානය කර ඇත්තේ විනිසුරු මඬුල්ල, නීතීඥවරුන්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් බලා සිටියදීයි. 

එම අවස්ථාවේදී නඩු විභාගය ප්‍රධාන පෙළේ විදෙස් පුවත් සේවා ඔස්සේ සජීවීව විකාශය වෙමින් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා තුල සඳහන්.

මෙම පුද්ගලයා එරට හමුදාවේ හිටපු නායකයෙක් වන බවට කරණු ආනාවරණය වී තිබෙනවා.

අධිකරණය විසින් මොහුට වසර 20ක සිර දඬුවමක් නියම කළ අවස්ථාවේදී මොහු නැගී සිටිමින් වතුර බෝතලය පානය කරන්නේ "මම අපරාධකරුවෙක් නොවේ... උසාවියේ තීන්දුව මම පිළිගන්නේ නැහැ!" යනුවෙන් කියමින්.

අධිකරණය භුමියේ ඇඳවැටුණු පසුව මෙම පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මේ වනවිට මෙම අධිකරණය භුමිය අපරාධයක් සිදුවුණු ස්ථානයක් ලෙස එරට පොලිසිය නම් කර ඇති අතර පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතිනවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ මෙවැනි දෙයක් සිදුවීමෙන් පෙනී යන්නේ එහි ආරක්ෂාව ඉතා පහළ මට්ටමක පවතින බවත්, පොලිසිය පෙන්වා දී ඇත්තේ නඩු විභාගය පැවැත්වෙද්දී අධිකරණයේ සිටි සියලුම දෙනා සැකකරුවන් වනු බවයි.