Wednesday, May 8, 2024

General line - 0115112241

අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය නව නායකයෙකු තෝරාගන්නා සමුළුව ඇරඹෙයි




දකුණු අප‍්‍රිකාවේ පාලන බලය හිමි අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය නව නායකයෙකු තෝරාපත් කර ගැනීමට සූදානම් වනවා. ඒ සඳහා සිව් දින සම්මේලනයක් ද කැඳවා ඇති අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (16) එම සමුළුව ආරම්භ වුණා. 

අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ වත්මන් නායකයා වන්නේ ජනාධිපති ජෙකෝබ් සුමායි. මේ වනවිට ඔහුට දූෂණ චෝදනා එල්ල වී ඇති අතර නව නායකයෙකු තෝරා ගැනීමට අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය තීරණය කර ඇත්තේ ඒ අනුවයි. නායකත්වය අපේක්ෂාවෙන් සිටින්නන් අතර වත්මන් උප ජනාධිපති සිරිල් රමපෝසා සහ ජනාධිපති ජෙකෝබ් සුමාගේ බිරිඳ වන ඩිලාමිනි සුමා ද ඉදිරියෙන්ම සිටිනවා. 

ලොව පුරා කීර්තිමත් චරිතයක් වන නෙල්සන් මැන්ඩෙලා ද අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ හිටපු ජ්‍යෙෂ්ඨයෙක්.