Friday, April 26, 2024

General line - 0115112241

දකුණු පළාතට නව ඇමතිවරයෙක්!




දකුණු පළාත් සභාවේ දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක, කාන්තා කටයුතු, නිවාස ඉදිකිරීම් හා රැකිරක්ෂා අමාත්‍යවරයා මනෝජ් සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නා. ඔහු දකුණු පළාත් සභාවේ සභා නායකවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක, කාන්තා කටයුතු, නිවාස ඉදිකිරීම් හා රැකිරක්ෂා අමාත්‍යවරයා ලෙස මේ වන තෙක් කටයුතු කරනු ලැබුවේ ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාස් ද සිල්වාය.  ඒ එම අමාත්‍ය ධූරය දැරූ වීරසුමන වීරසිංහ ඉන් ඉවත් කිරීමෙන් අනතුරුවය.

මනෝජ් සිරිසේන හිටපු ප්‍රධාන අමාත්‍ය එච්.ජී සිරිසේනගේ පුත්‍රයාය.