Thursday, May 2, 2024

General line - 0115112241

ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් ලබා සිටි අයෙක් පන්නලදී ඝාතනයට

හේමන්ත කහවලගේ




පන්නල - පල්ලම ප‍්‍රදේශයේ අද (08) පස්වරුවේ සිදුවූ ඝාතනය පිළිබඳව කරුණු රැසක් අනාවරණ වී තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එල්ල කළ මෙම වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණේ ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් ඇප ලබා සිටි පුද්ගලයෙක්.

ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප‍්‍රහාරයට ලක් වුණා.

වෙඩි ප‍්‍රහාරයට ලක් වූ පුද්ගලයා සලංකාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට වූ බවයි පොලිසිය පැවසුවේ.

පන්නල එළිබිච්චිය ප‍්‍රදේශයේ පදිංචි පතිරන්නැහැලෑගේ ප‍්‍රදීප් අමිල කුමාර නැමැති පොල් වෙළඳාමේ නිරත 35 හැවිරිදි තිදරු පියෙකුයි මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.

2017 අපේ‍්‍රල් මස ඔහුගේ හදිසි කෝපය මත සිදුවූ එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරු ඇප ලබා පැමිණියේ මීට මාස දෙකට පමණ පෙරයි.

පන්නලදී අද (08) සිදුවූ මෙම ඝාතනය ව්‍යාපාරික ආරවුලක් මත සිදු වූවක් ද නැතහොත් ඉහත සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සිදු වුවක් ද යන්න පිළිබ පරීක්ෂණ පැවැත්වන බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.