Thursday, May 2, 2024

General line - 0115112241

රේගු සේවකයින් දෙදෙනෙක් විදෙස් මත්පැන් - දුම්වැටි හොරෙන් පන්නා මාට්ටු (UPDATE)

හේමන්ත කහවලගේ




තීරුබදු රහිතව මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 15 ට ආසන්න වටිනාකමකින් යුත් විදෙස් මත්පැන් බෝතල් 108 ක් මෙන්ම විදෙස් දුම්වැටි 9000 ක් ඊයේ (12) කොච්චිකඬේ පල්ලිය  අසලදී අත්අඩංගුවට ගනු ලැබුවා. 
මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ සැකකරුවන් දෙදෙනා රේගු දෙපාර්තමේන්තුවේ සේවකයින් දෙදෙනකු බවය.

 

 

---------------------------------

විදෙස් මත්පැන් - දුම්වැටි STF භාරයට (UPDATE)

12-01-2018 19:23

තීරුබදු රහිතව මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 15 ට ආසන්න වටිනාකමකින් යුත් විදෙස් මත්පැන් බෝතල් 108 ක් මෙන්ම විදෙස් දුම්වැටි 9000 ක් අද (12) කොච්චිකඬේ පල්ලිය  අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

මෙම විදෙස් මත්පැන් හා දුම්වැටි තොගය  කොළඹ වරායේ සිට රහසිගතව අලෙවි කිරීමට රැගෙන යමින් සිටියදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට අත්අඩංගුවට පත්වුණා.

මෙම ජාවාරමට රේගුවේ උසස් නිලධාරීන් සම්බන්ධ බවත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් දෙදෙනා රේගු නිළ ඇදුමෙන් සැරසී සිටි බව විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් කියා සිටියා.