Wednesday, May 8, 2024

General line - 0115112241

ඉදිරියේ එන වියළි කාලගුණය ගැන විදුලිබලේ මතක් කරයි

කසුන් කැලුම්




ඉදිරි මාස කිහිපයේදී වියළි කාලගුණයක් ඇති වුවද පාරිභෝගිකයින් වෙනුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වාර්ෂික විදුලි ඉල්ලුම සෑම වර්ෂයකදීම සියයට 06කින් පමණ ඉහළ යන බවයි.

අප්‍රේල් - මැයි කාලයේදී වියළි කාලගුණයකටත් මුහුණ දීමට නියමිත බවත් සඳහන් කළා.

නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත‍්‍රයක් අපේ‍්‍රල් මාසයේදී නඩත්තු කටයුතු සඳහා නවතා දැමෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.