Thursday, May 2, 2024

General line - 0115112241

පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 අනුව වීසා නැතුව ශ්‍රී ලාංකීකයෙකුට යන්න පුළුවන් රටවල් මෙන්න

වසන්ත පිවිතුරු




පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍කේ හිමි පුද්ගලයෙකුට පූර්ව වීසා අනුමැතියකින් තොරව රටවල් 38ක් වෙත ඇතුළු වීමට අවස්ථාව හිමිව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් හා ස්වාධීන බල ප්‍රදේශ 6ක් ලෙස ගැනෙන තායිවානය, මකාඕ, හොංකොං, කොසෝවෝ, පලස්තීනය හා වතිකානුව පාදක කරගනිමින් මෙම වාර්තාව සකස් කරනු ලබනවා.

පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 නවතම වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය වී ඇති බව සඳහන්.

ලොව එක් එක් රටවල ගමන් බලපත්‍රවල බලවත්බව මෙහිදී මැන බැලෙන අතර, පූර්ව වීසා අනුමැතියකින් තොරව යා හැකි රටවල් ගණන ඒ අනුව තීරණය කරනු ලබනවා.

මෙම වාර්තාවට අනුව මෙවරත් පළමු තැනට පැමිණීමට ජර්මනිය සමත්ව තිබෙනවා.

ඒ අනුව ජර්මානු ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයෙකුට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 161ක් වෙත ඇතුළු වීමට අවසර හිමිවනවා.

මෙහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 88 වැනි ස්ථානය වන අතර, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් රටවල් 38ක් වෙත එසේ පූර්ව වීසා අනුමැතියකින් තොරව ඇතුළු වීමට හැකියාව හිමි වනවා.

 

එම රටවල් නම්, බහමාස්, බාබඩෝස්, බොලීවියා, කාම්බෝජය, කේප් වෙර්ඩේ, කොමොරෝස්, අයිවරි කෝස්ට්, ජිබවුටි, ඩොමිනිකා, ඉක්වදෝර්, ගැම්බියා, ග්‍රෙනඩා, ගිනියා-බිසාවු, හයිටි, ඉන්දියා, ඉන්දුනීසියා, කෙන්යා, ලෙසතෝ, මැඩගස්කර්, මාලදිවයින, මුරුටානියා, මුරුසිය, මයික්‍රොනීසියා, මොසැම්බික්, නේපාලය, පලාවු, රුවන්ඩා, සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස්, සමෝආ, සෙනගල්, සීෂෙල්ස්, සිංගප්පූරුව, සෙන්ට් වින්සන්ට් ඇන්ඩ් ග්‍රෙනඩීන්ස්, ටිමෝර්-ලෙස්ටේ, ටෝගෝ, ටුවාලු, උගන්ඩා සහ වනවාටු යන රාජ්‍යයන් ද වනවා.

කෙසේ වෙතත් අදාළ පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 වාර්තාව සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකා ගුවන් බලපත්‍රයක් මගින් ඇතුල් විය හැකි රටවල් සම්බන්ධයෙන් www.nethnews.lk ආගම විගමන දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා.

එහි වීසා පාලක ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර කියා සිටියේ අදාළ වාර්තාව නිවැරදි නොවන බවයි.

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙකුට පූර්ව වීසා අනුමැතියකින් තොරව රටවල් 05 ට පමණක් ඇතුළු වීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකීකයෙකුට රටවල් 19ට පූර්ව වීසා අනුමැතියකින් තොරව රටවල් ඇතුල් විය හැකි බවයි  වීසා පාලක ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර වැඩිදුරටත් කියා සිටියේ.