Thursday, May 2, 2024

General line - 0115112241

ලෝකයා පුදුම කරමින් උතුරු සහ දකුණු කොරියානුවන් තවත් සුවිශේෂී තීරණයක් ගනී

පවිත්‍රා මදුහර්ෂණි




එළඹෙන සීත ඍතු ඔලිම්පික් තරගාවලියේ කි‍්‍රඩක පෙළපාලියේදී එකම ධජයක් යටතේ පෙළ ගැසීමට උතුරු සහ දකුණු කොරියාව එකඟත්වයකට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් කාන්තා අයිස් හොකී තරගාවලිය සඳහා පමණක් දෙරටේ කී‍්‍රඩිකාවන් එකම  කණ්ඩායමක් ලෙස තරගවැදීමටයි තිරණය කර ඇත්තේ.

සීත ඍතු ඔලිම්පික් තරගාවලියට සමගාමීව දකුණු කොරියාවේ පැන්මුන්ජොන් සාම ගම්මානයේ පැවැත්වෙන සාකච්ඡාවලදී මෙම එකඟතාවයන්ට එළඹ තිබෙනවා. 

වසර දෙකකට පමණ පසුව උතුරු හා දකුණු කොරියාව අතර පැවැත්වෙන පළමු ඉහළ පෙළේ සාකච්ඡා වටය මෙයයි.  එහි ප‍්‍රථිඵලයක් ලෙස ජාත්‍යන්තර මළල කි‍්‍රඩා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් සනිටුහන් කරමින් එළඹෙන සීත ඍතු ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා උතුරු කොරියාව, දකුණු කොරියාව වෙත සිය කණ්ඩායමක් පිටත්කර හැරීමටද කටයුතු කළා.