Friday, April 26, 2024

General line - 0115112241

LTTE රත්තරන් සොයා කැණීම් කරද්දී අනපේක්ෂිත තත්ත්වයක් - කැණීම් නොනවත්වා දිගටම (PHOTOS)

දිනසේන රතුගමගේ




මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ඉඩමක වලදමා ඇතැයි කියන එල්.ටී.ටී.ඊ. රත්තරන් සොයමින් ආරක්ෂක අංශ විසින් බැකෝ යන්ත්‍ර යොදාගෙන සිදු කළ විශාල වළකට ජලය ගලාගෙන එන්නට පටන්ගැනීම නිසා ආරක්ෂක අංශ නිලධාරීන් දැඩි අපහසුතාවයකට මුහුණ දුන්නා.

ඊයේ (17) දහවල් මෙම හෑරීමේ කටයුතු සිදු කෙරුණේ  මුලතිව් අධිකාරණයෙන් ලබාගත් නියෝගයක් මතයි.

එල්.ටී.ටී,ඊ. සාමාජිකයින් විසින් ඔවුන් භාරයේ තිබූ විශාල රත්තරන් තොගයක් මෙම ස්ථානයේ වළ දමන ලද බවට අත්අඩංගුවට පත් වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුවයි මෙම කැණීම් සිදු කෙරුණේ.

හෑරීමේ කටයුතු කරගෙන යන අතරතුර එම වළට ජලය ගලා එමින් එය ළිඳක් බවට පත්ව ඇතත් එම ස්ථානයේ කැනීම් කටයුතු නතර කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් අපහසුකම් මධ්‍යයේ වුවද කැණීම් කටයුතු දිගටම කරගෙන යන බවයි මුලතිව් පොලීසියේ නිලධාරීන් කියා සිටියේ.