Thursday, May 2, 2024

General line - 0115112241

නිවේදිකාවක් සජීවී වැඩසටහනක් අතරතුරදී දරුවෙකු ප‍්‍රසූත කරලා (VIDEO)




අමෙරිකානු ගුවන් විදුලි නාලිකාවක නිවේදිකාවක් සිය සජීවී වැඩසටහනක් අතරතුරදී දරුවෙකු ප‍්‍රසූත කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ වැඩසටහන අතරතුරදී ඇයට ප‍්‍රසූත වේදනාව හටගෙන ඇති බවයි. ඒ අනුව අදාළ නිවේදිකාව කඩිනමින් රෝහල් ගත කර ඇය දරුවා බිහි කරන අවස්ථාව ශ‍්‍රාවකයින් හට සජීවිව විකාශය කිරීමට ගුවන් විදුලි නාලිකාවේ කාර්යය මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

අලුත උපන් බිළිඳාට ජේම්සන් ලෙස නම් තබා ඇති අතර ඒ ශ‍්‍රාවකයින්ගෙන් ලබා ගත් අදහස් අනුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නිවේදිකාව හට ප‍්‍රසූත නිවාඩු අනුමත කර තිබුණත් නියමිත කාලයට සති දෙකකට පෙර ඇය සිය දරුවා බිහි කළ බවද අදාළ ගුවන් විදුලි නාලිකාව සඳහන් කළා. 

 

A post shared by Cassiday Proctor (@radiocassiday) on