Friday, April 26, 2024

General line - 0115112241

ධීවරයන්ට රතු එළියක් - ගාල්ලට ටොනාඩෝ තත්ත්වයක් (VIDEO) (UPDATE)

හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්




වෙරළබඩට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති වන අවස්ථාවලදී සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යළි දැනුම් දෙනවා.
 
මේ අතර ගාල්ල, දොඩන්දූව මුහුදු ප්‍රදේශය ආසන්නයේ ටොනාඩෝ තත්ත්වයක් ඇති වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි සුළං තත්ත්වයක්ද පැවතුනා. කෙසේ වෙතත් අද (20) සිට වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක‍්ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ.

--------------------

ගාල්ලට ටොනාඩෝ තත්ත්වයක්  (19-03-2018 22:07)

ගාල්ල, දොඩන්දුව ප්‍රදේශයට ආසන්න මුහුදේ අද (19) විශාල ටොනේඩෝ තත්වයක් ඇතිවුනා. අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කර සිටියේ සවස 5:45 ට පමණ ඇතිවු මෙම ටොනේඩෝව විනාඩි 15 ක් පමණ පැවති බවයි.

මෙම ටොනේඩෝ තත්වය ඇතිවිමත් සමග මුහුදින් විශාල ජල කඳක් ඉහලට යන ආකාරය ඔවුන් සියැසින් දැක තිබෙන අතර ප්‍රදේශයේ මද සුළං තත්වයක්ද පැවති බව ඔවුන් කියා සිටිනවා.

අප වාර්තාකරු සදහන් කර සිටියේ මිට පෙර මෙවැනි ආකාරයේ විශාල ටොනේඩෝවක් ගාල්ල ප්‍රදේශවාසින් දැක නොමැති බවයි.