Friday, April 26, 2024

General line - 0115112241

හමුදාවෙන් උතුම් වැඩක් (PHOTOS)

රොමේෂ් මධුෂංඛ - වන්නිය




උතුරේ නැවත පදිංචි වැසියන්ගේ ගෙවතු හා ගම්මාන, මාර්ග ඇතුළු පොදු ස්ථාන පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු වැනි රෝග මර්ධනය කිරීමට හැකි බව පවසමින් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මේ දිනවල ප්‍රධාන මාර්ගයන් අවට ප්‍රදේශ පිරිසිදු කිරීමේ වැඩ සටහනක් ආරඹා ඇත.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් අජිත් කාරියකරවන උපදෙස් පරිදි 574 බලසේනාවේ  බලසේනාධිපති කර්නල් සෝමවීරගේ අධික්ෂණයෙන් එක් පියවරක් වශයෙන් මාන්කුලම් ප්‍රදේශය ඒ 9 මාර්ගය හා ඒ 34 මාර්ගයන් දෙපස පිරිසිදු කිරිමෙ වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වුයේ ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත විම වැළැක්විම හා මාන්කුලම් පරිසරය   පිරිසිදුව තබා ගැනිම සහ ජාතින් අතර සංහිදියාව ඇති කිරිමය.

ශ්‍රමදානය සදහා පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශිය සභාවේ නිලධාරින්, මාන්කුලම් ප්‍රදේශයේ සිවිල් වැසියන්  සහ පාසල් ළමුන් ද සහභාගි වු  ප්‍රදේශයේ සාමාන්‍ය  වැසියන්ද දැනුවත් කොට සිටියේ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඇති වටිනාකම පිළිබඳවය.