Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්ථාන කතුන් තරගාවලිය ජය ගනී

සමන්ත කුමාර




ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 38 කින් ජය ගැනීමට පාකිස්ථාන කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කී‍්‍රඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6 ක් දැවී ලකුණු 113 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමට  පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවි ලබාගත හැකි වූයේ ලකුණු 75 ක් පමණයි. ඒ සමගින් දෙකට එකක් ලෙස තරගාවලියේ ජයග‍්‍රහණය හිමිවූයේද පාකිස්ථාන කාන්තා කි‍්‍රකට් කණ්ඩායමටයි. තරගය පැවැත්වුණේ කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගණයේදීයි.