Wednesday, May 8, 2024

General line - 0115112241

ඉන්දීයන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

සමන්ත කුමාර




ඉන්දීයන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (07) ආරම්භ වනවා. අද සිට ලබන මැයි මස 27වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට තරග 60ක් ඇතුළත්. 11වන වරට පැවැත්වෙන මෙවර තරගාවලයේදි කණ්ඩායම් 08ක් තරග වදිනවා.

පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවන අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙහෙයවන්නේ මහේන්ද්‍ර සිං දෝණී විසින්. මුම්බායිහි වැන්කඩේ කී්‍රඩාංගනයේදි තරගය පැවැත්වෙනවා.