Thursday, May 2, 2024

General line - 0115112241

ගිනස් වාර්තාවක් නැතිව ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




ලොව වයස්ගතම පුද්ගලයා බවට සැලකෙන ජපානයේ කගොෂිමෝ හී කිකී දුපතේ ජිවත් වූ අවුරුදු 117 ක් වයසැති නාබෙයි ටිජිමෝ නම් කාන්තාව ඊයේ (21) උදැසන මිය ගිය බවට එරට සෞඛ්‍ය හා සුබසාධන බළධාරීන් පවසනවා.

නාබෙයි ටිජිමෝ 1900 වර්ෂයේ අගෝස්තු මස 04 වනදා උපත ලබා ඇති අතර 2015 සැප්තැම්බරයේදී ජපානයේ ජිවත් වූ වයෝවෘද්ධම කාන්තාව බවට ඇය පත්වුනා. 

2017 වසරේදී ලොව වයස්ගතම පුද්ගලයා බවට ගිනස් වාර්තාවට හිමිකම් කියූ අවුරුදු 117 ක් වයසැති ජැමෙයිකාවේ වයලට් බ්‍රවුන් ගේ අභාවයත් සමග ජපානයේ නාබෙයි ටිජිමෝ ලොව වයස්ගතම පුද්ගලයා බවට පත් වුවත් ඒ සඳහා වන ගිනස් වාර්තාව මෙතෙක් ලබාදී නොමැති බව ජපාන මාධ්‍ය විසින් අනාවරණය කලේ. 

පසුගිය වසරේදී ජපාන රජය විසින් ප්‍රකාශ කලේ එරට අවුරුදු 100 ක් හෝ ඊට වැඩි ආයුකාලය සහිත පුද්ගලයින් 68,000 ක් ජිවත් වන බවයි. ලොව වැඩිම ආයු කාලයක් සහිත පුද්ගයින් සිටින රට වන්නේ ද ජපානයයි.