Friday, April 26, 2024

General line - 0115112241

රටේ නායකයා කතා කරන වෙලාවේ නිදා ගන්න උතුරු කොරියාවේ නිලධාරින්ට හිමි වන දඬුවම

වසන්ත පිවිතුරු - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියානු නායක කිම් ජෝං උං එරට රාජ්‍ය සේවකයන් හා හමුදා නිලධාරින් හමුවේ පසුගියදා සිදුකළ ප්‍රකාහයක් අතරවාරයේ නිදා සිටි උතුරු කොරියාවේ හමුදා නිලධාරියාට මරණ දඬුවම හිමි වනු ඇති බවට විදෙස් වාර්තා පවසනවා. ලොව රටවලට තර්ජනයක් වී ඇති න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම මින් ඉදිරියට සිදුනොකරන බවට උතුරු කොරියානු නායක කිම් ජෝං උං මැතකදී ප්‍රකාශයට පත්කළා.

එරට ඉහළ පෙළේ හමුදා නිලධාරින් හා රාජ්‍ය සේවකයන් අතර ඊට අදාළ පැවති සාකච්ඡාවක දී හමුදාවේ ඉහළ නිලධාරියෙකු නිදා සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් මේවන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ නිලධාරියා සම්බන්ධයෙන් කිම් ජෝං උං දැඩි කෝපයෙන් පසුවන බවත් ඔහුට ඉදිරියේ දී මරණ දඬුවම නියමවීමට ඉඩකඩ ඇති බව සඳහන්. මෙයට පෙර උතුරු කොරියාවේ හිටපු උප නායක කිම් යං ජිං වැදගත් සාකච්ඡා ආමන්ත්‍රණය කරන අවස්ථාවල නිදා සිටි රාජ්‍ය නිලධාරින්ට මරණ දඬුවම ලබාදී තිබුණා.

එමෙන්ම මෙයට පෙර ද උතුරු කොරියානු වත්මන් නායක කිම් ජෝං උං විසින් මෙවැනි ආකාරයේ  දඬුවම් ලබාදී ඇති බවද වාර්තා වනවා.