Friday, April 26, 2024

General line - 0115112241

එල්.ටී.ටී.ඊ ය අතහැර ගිය අවි ගබඩාවක් පොළොවෙන් මතුවෙයි (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




එල්.ටී.ටී.ඊ  සංවිධානය සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (03) මුලතිව් විශ්වමඩු,ඉලන්ගෝපුරම් ප්‍රදේශයේ තිබි සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුකළ මෙහෙයුමකදී අදාළ අවි තොගය සොයාගෙන තිබෙනවා. මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුව අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ මෙහෙයුම දියත් කෙරුණා.

මිලි මීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 736 ක්, එම්.75 වර්ගයේ අත්බෝම්බ 06 ක්, ටි 82 වර්ගයේ අත්බෝම්බ 01 ක්, ආර්.පි.ජි.ගිනි අවි දෙකක්, ටි 56 ගිනි අවි කොටස් කිහිපයක්, ගුවන් යානා නාශක උණ්ඩ 80 ක්, ටැමිල් ගුණ්ඩු අත්බෝම්බ 01 ක් අදාළ ස්ථානයේ තිබි හමුව තිබෙනවා.

මෑත කාලයේදී මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් හමුවූ විශාලතම පුපුරණ ද්‍රව්‍යතොගය මෙය වන බවයි පොලිසිය පවසන්නේ. පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානයේ ආයුධ ගබඩාවක් විය හැකි බය.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ අවි තොගය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් නිශ්ක්‍රීය කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙවයි.