Thursday, May 2, 2024

General line - 0115112241

මතභේදාත්මක සිංගප්පූරු ගිවිසුම සංශෝධනයට ආණ්ඩුව සූදානම්

සමන්ත කුමාර




සිංගප්පූරුව සමග අත්සන් කර ඇති ගිවිසුමේ යම් හානිකර කරුණු තිබේ නම් එය සංශෝධනය කිරීමට සූදානම් බව ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික‍්‍රම පවසනවා. ඒ, වාණිජ මණ්ඩලය හා වෘත්තිකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි. අදාළ ගිවිසුම කි‍්‍රයාත්මක කර වසරකට පසු සමාලෝචනය කර ප‍්‍රතිශෝධනය කිරීමට ගිවිසුම විවෘත බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද (22) කියාසිටියේ. 

එම අවස්ථාවේ අමාත්‍ය මලික් සමරවික‍්‍රම හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන අතර මෙවන් සංවාදයක් ඇති වුණා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විමසා සිටියේ සිංගප්පුරු ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමිවී ඇත්ද යන්න ගැනයි. එහිදී අමාත්‍ය මලික් සමරවික්‍රම කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ පමණක් නොව නීතිපතිවරයාගේ අවසරයද ලබා ගෙන ඇති බවයි.

එම ගිවිසුම යටතේ රැකියා සදහා මෙරටට පැමිණිය හැකි පුද්ගලයින් පිළිබදවද මෙහිදී වාදවිවාද ඇති වුණා.


ගිවිසුමේ ඇති කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරද අමාත්‍ය මලික් සමරවික‍්‍රම වෙත ප‍්‍රශ්නයක් යොමු කළා.

 


අදට නියමිත කටයුතු අත්හිටුවා පවතින ආපදා තත්ත්වය හා ඉන්ධන මිළ වැඩි කිරීම පිළිබද විවාදයක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය ඉල්ලා සිටීමත් සමග පාර්ලිමේන්තුවේ අද උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.