Thursday, May 2, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තත්ත්වය මෙන්න

ඉෂාර සුපෙම් මානගේ




පවතින අධික වැසි සහිත කාළගුණය හමුවේ පසුගිය දිනවල විවිධ බාධා එල්ල වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ වන විට තත්ත්වය පිළිබඳව අධිවේගී මාර්ග පාලන අංශය පැහැදිළි කිරීමක් සිදු කළා.

nethnews.lk සිදු කළ විමසීමකදී සඳහන් කෙරුණේ මේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිසිඳු බාධාවක් නොමැතිව වාහන ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.

පිවිසුම් මාර්ග සහ පිටවුම් මාර්ගවල පැවැති බාධාද මේ වන විට පහව ගොස් ඇති බවයි සඳහන් කෙරුණේ. ඒ අනුව සෑම පිවිසුම් මාර්ගයකින්ම වාහන ඇතුල් කෙරෙන බවද සඳහන් කෙරුණා. කඩුවෙලද මේ වන විට විවෘත කර ඇති බවයි සඳහන් කෙරුණේ.