Friday, April 26, 2024

General line - 0115112241

පැය 4 කදී බ්‍රිතාන්‍යයේ අකුණු අනතුරු 15000ක් (PHOTOS)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මහා බි‍්‍රතාන්‍යයට අයත් රටවල් කිහිපයකට දැඩි වර්ෂාපතනයක් සහ අකුණු අනතුරු බලපා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඊයේ රා ති‍්‍රයේ පැය 04ක කාලයක් තුළදි පමණක් බි‍්‍රතාන්‍යයෙන් අකුණු අනතුරු සිද්ධීන් 15,000ක් වාර්තා වී ඇති බවයි. අකුණු බලපෑම් එල්ලවීම හේතුවෙන් ලන්ඩනයේ ස්ටෑන්ස්ටන් ගුවන් තොටුපලේ ගුවන් යානා ඉන්ධන පද්ධතියටද බලපැම් එල්ල වුණා. ඒ හේතුවෙන් එම ගුවන් තොටුපළේ ගුවන් ගමන් රැසක්ද ප‍්‍රමාද කිරීමට බලධාරීන්ට සිදුවූ බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

එසේම අයහපත් කාලගුණය හේතුවෙන් වේල්සයේ හා එංගලන්තයේ වැසියන් හට ජල ගැලීම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එංගලන්තයට බලපෑ අකුණු ප‍්‍රහාරවලින් නිවාස කිහිපයක ගිනි ගැනීම් සිද්ධින්ද වාර්තා වුණා.  ඒවා මැඩපැවැත්වීම සඳහා ගිනිනිවන භටයින් කැඳවා තිබූ අතර කිසිඳු ජීවිත හානියක් සිදු නොවූ බවයි බලධාරීන් පැවසුවේ. 

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා වර්ධනය වෙමින් ඇති අකුණු අනතුරු හේතුවෙන් විදුලි සැපයුම බිඳ වැටීමට මෙන්ම දුම්රිය හා බස් ධාවනයද ප‍්‍රමාද විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා.