Friday, April 26, 2024

General line - 0115112241

ලොතරැයියෙන් තරුණියට වැඩ වරදියි




ගාල්ලේ පිහිටි ලොතරැයි බෙදා හැරීමේ කාර්යාලයකට ව්‍යාජ ලෙස සකස් කළ ලොතරැයි පතක් ඉදිරිපත් කර මුදල් ලබාගැනීමට තැත් කළ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ලබාගැනීමට උත්සහ දරා ඇති මුදල රුපියල් දහසක්.

ටිකට්පත පිළිබඳ සැකසිතු ලොතරැයි කාර්යාලයේ නිලධාරීන් එය පරිගණකය මගින් පරීක්ෂා කර තිබෙනවා.

ඒ අනුවයි එය ව්‍යාජ ලොතරැයිපතක් බව අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලහිටියාව ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක්.